සියලුම පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අද මධ්‍යම රාත්‍රී 12.00 සිට බලාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (20දා) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
ඕනෑම පළාත් පාලන ආයතනයක් විසින් ක්‍රියාත්මක කරන හා පවත්වාගන යනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීම,එකතු කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, සකස් කිරීම,වෙන්කිරීම,බැහැර කිරීම සහ මහාමාර්ගවල ඇති අපද්‍රව්‍ය, නිවෙස්වලින් බැහැර කරන අපද්‍රව්‍ය හා ඊට සමාන කාර්යයන් පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග මෙම නියෝගයට අදාළව මහජන ආරක්ෂක පනතේ 17 වැනි වගත්නිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
කිසියම් පුද්ගලයෙකුට හෝ දේපොළවලට වාචිකව හෝ ලිඛිතව හිංසනයක් සිදුකිරීමෙන් එනම් තර්ජනය කිරීම, බලහත්කාරයෙන්, අපහාසයකින් හෝ අන් ක්‍රමයකින් එම කාර්යන්හි යෙදීම වැළැක්වීම,බාධා කිරීම,ප්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත්කිරීම වරදක් බව එහි සඳහන් වෙයි.
එසේම මෙවැනි ක්‍රියාවන් සඳහා බලපෑම,ජනතාව ප්‍රකෝප කිරීම,වෙනත් අන්දමකින් පෙළඹවීම මගින් එවැනි සේවා පවත්වාගෙනයෑමට යමෙකුට බාධා කිරීම, රැකියාවෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීම නීතිවිරෝධී වන බවද එම නියෝගය මගින් අවධාරණය කරයි.
මෙවැනි කාර්යයන් සඳහා රැකියා අවස්ථාවන් සැපයීම හෝ රැකියාවන් බාරගැනීම වැළැක්වීමත්,මෙකී ක්‍රියාවන් සඳහා කිසිවෙකු ශාරීරිකව,වාචිකව හෝ ලිඛිතව බලපෑම් කිරීමත් දඬුවම් ලැබිය හැකි වරදක් වන බවද එහි සඳහන් වෙයි.
මෙම පනතේ විධිවිධාන අනුව ඉහත ක්‍රියාවන් කළ හෝ කරන හෝ කළේයැයි සැකකිරීමට සාධාරණ හේතු ඇතිවිට ඕනෑම පොලිස් නිලධාරියෙකුට වරෙන්තු රහිතව ඕනෑම අවස්ථාවක අත්අඩංගුවට ගත හැකි බවද එමගින් අවධාරණය කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ මෙම විශේෂ ගැසට් නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරනුයේ, ඉහත සඳහන් වරදකට හසුවූඅයෙකු මහේස්ත්රාත්වරයෙකු ඉදිරිපිට නඩු විනිශ්චයකින් පසුව බරපතළ වැඩ සහිතව සිරදඬුවමකට යටත්කළ හැකි බවයි.