කන්ටේනර් රථයකින් කසළ තේ කිලෝ 16920 ක ප්රවාහනය කරමින් සිටි සැකකරුවෝ 4 දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අද (18දා) වත්තල දී අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 51, 45, 36 හා 29 වැනි වයස්හි පසුවන කොළඹ 14, ආණමඩුව හා අනුරාධපුරය යන ප්රදේශවල පදිංචිකරුවෝ පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.