කසළ කළමණාකරණය අත්‍යාවශ්‍ය සේවයක් බවට වහා පත්කළ යුතු යැයි බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසයි. සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට අද (20දා) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
කසළ ප්රශ්නය සඳහා විද්‍යාත්මක විසඳුමකට ඉඩ ලබා නොදුනහොත් මීතොටමුල්ල වැනි ඛේදවාචකයන් අනාගතයේදීත් සිදුවිය හැකිය බව ඔහු සඳහන් කළේය.
“සමහරු කියනවා අපි කසළ අරුවක්කාරුවට ගෙනියන්න හිටියේ කියලා. එය පටන් ගන්න කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 අගෝස්තු මාසයේයි. එයට මුදල් වෙන් කළේ 2015 අයවැයටයි.
එහි විද්‍යාත්මක කසල බහාලුමක් ඇති කිරීමයි එයින් කරන්න හැදුවේ. නැතුව අද හැදුවා හෙට කුණු දාන්න නොවෙයි එය කළේ. එම වැඩපිළිවෙළ පටන් ගැනීම හොඳයි.
නමුත් ඒ පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. අපි ඒ ගැන ඉදිරියට ගෙන ගියා. එහිදී වනජීවි දෙපාර්තමේන්තු කිව්වා පුත්තලමේ කසල බහලුම ඇති කරන්න බැහැ කියා. පසවු මධ්‍යම පරිසර අධිකාරිය අපිට දැන්නුවා එය කරන්න බැහැ කියා.
මම එයට එකඟ නොවුනත් පරිසර අධ්‍යයන පිළිගත්තා. මොකද මීතොටමුල්ලේ විනාශය බැලු විට මෙහිදී ඉන් දහසකින් එකක් විතරයි වෙන්නේ. කොළඹ නගරයට හදිසි වුණාට ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුවයි අපිට එය කරන්න සිදු වෙන්නේ යැයි ද පැවසීය.
සමාජයේ කසල ප්රශ්නය පිළබඳව ඉතා සංවේදී විය යුතුයි. ඒ වගේම මේ කසළ තුළ ඇති කසඩ දේශපාලනය ඉවත් කළ යුතුයි. මේ රටට කසළ කළමණාකරණය සඳහා විද්‍යාත්මක විසඳුමක් ලබාගැනීමට ඉඩ නොදුනහොත් ඉදිරියේදී මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දීමට අපට සිදු වෙනවා”