කොළඹ මහ නගරයෙහි සහ තදාසන්න මහ නගර සභා/නගර සභා බල ප්‍රදේශයන්හි කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයන්හි පවත්නා දුර්වලතා හේතුවෙන් පැන නැගී ඇති සෞඛ්‍ය හා පරිසරික ගැටලුවලට විසඳුම් ගෙන ඒමට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ යෝජනාවලියට අද (21දා) අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
පළාත් පාලන ආයතන විසින් හඳුනාගනු ලබන ස්ථානවලට පරිසර නීතිරීතිවලට අනුකූලව කසළ බැහැර කිරීම, කසළ බැහැර කිරීමේදී ඇතිවිය හැකි මහජන විරෝධතා වැළැක්වීමට අධිකරණය මගින් නියෝග ලබාගැනීම, නිසි පරිදි වෙන් කිරීමකින් පසු පමණක් කසළ බැහැර කළ යුතු බවට නියෝග කිරීම, කසළ කළමනාකරණයට පළාත් ආයතනවලට අවශ්‍ය උපකරණ සපයාදීම, ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, මහා මාර්ගයේ කසළ බැහැර කිරීම වැළැක්වීම, පොලිතින් පරිසරයට බැහැර කිරීම අවම කිරීමට විකල්ප හඳුනාදීම යනාදී යෝජනා සඳහා මෙසේ අනුමැතිය හිමිවිය.