ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සහාය ලබාගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17දා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 63,987 ක් වාර්තා වී තිඛෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 200 ක් පමණ වෙනවා.
කසල ප්‍රශ්ණය කළමණාකරණය කිරිම මෙහිදී ඉතාම වැදගත්. ඒ සඳහා ජනාධිපතිවරයා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්. ගංවතුර හේතුවෙන් ඩෙංගු වසංගතය වැඩිවී තිබෙනවා. ඉදිරියේ දී මෙම තත්ත්වය තවත් දරුණු විය හැකියි. ත්රීවිධ හමුදාව යොදවා කැළිකසල ඉවත් කිරීමට පියවර ගත යුතු බව මම ජනාධිපතිවරයාට යෝජනා කළා.”