කසළ කළමනාකරණය පිළිබඳ එතෙර පුහුණු සඳහා විවිධ රාජ්‍ය ආයතන හතරක නිලධාරීන් 150ට වැඩි පිරිසක් විදේශ ගතව ඇතැති එයින් කිසිඳු ප්‍රයෝජනයක් ලබාගෙන නොමැත. ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය හා බස්නාහිර පළාත් සභාවේ ඉහළ නිලධාරීන් ඇතුළුව මෙම පරිස ජර්මනිය, එංගලන්තය, අයර්ලන්තය හා දකුණු කොරියාව වැනි රටවල සංචාරය කර ඇත.
කසළ කළමනාකරණය, ප්‍රතිචක්‍රීකරණය, විදුලිය නිශ්පාදනය වැනි කරුණු අධ්‍යනය කිරීම සඳහා මොවුන් විදේශ ගතව තිබූ අතර ඒ සඳහා වැය වූ මුදල් නිශ්චිතව ගණනය කළ නොහැකි බවද සඳහන් වෙයි.
මේ බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද තහවුරු කළ අතර බස්නාහිර මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාද ප්‍රකාශ කළේ තම පාලන කාලය තුළ කසළ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා නිලධාරීන් පිරිසක් එංගලන්තයට යැවූ බවයි.
දයාසීලි ලියනගේ