ආණ්ඩුවෙන් කවුරුන් ඉවත්ව ගියත් ආණ්ඩුවට කවුරුන් එකතුවුවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් ලබන බව පාර්ලිමේන්තු සභා නායක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.
අද (26දා) එම අමාත්‍යාංශයට අයත් බී.සී.සී. ආයතනයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම සහ සේවකයන් සඳහා රක්ෂණාවරණ ලබාදීමට එක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මෙරටට විශාල වශයෙන් ආයෝජකයන් පැමිණීමට නියමිත බවයි.
විශේෂයෙන් යුරෝපීය ව්‍යාපාරිකයන් හා ශ්‍රී ලාංකික ද්‍රවිඩ ව්‍යාපාරිකයන් උතුරේ ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඒ මහතා පැවසීය.