වැල්ලවායට වැව් 98 හදන උමා ඔය ව්‍යාපාරය කවුරු කෙසේ කීවත් නොනවත්වන බවත්, ඒ වැව් 98 ජලය වැල්ලවායට ගෙනඑන බවත් වාරිමාර්ග අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ මොණරාගල, වැල්ලවාය හා බලහරුව ප්‍රදේශයන්හි ක්‍රියාවට නැංවෙන වාරිමාර්ග ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවති ගොවි හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මම එනකොට උමා ඔය ව්‍යාපාරය නවත්වලා තිබුණේ. මම කැබිනට් එකේ කතා කළා. කැබිනට් එකේ අනුකමිටුවට ජනාධිපතිවරයා මාව පත්කළා. වැල්ලවායට වැව් 98 හදන උමා ඔය ව්‍යාපාරය කවුරු මොනවා කිවුවත් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වැව් 98 ට ජලය ටික අපි වැල්ලවායට ගේනවා." යැයි පවසා සිටියේය.