දූෂිතයන්ට අමාත්‍ය ධුර ලබාදුන් බවට ඇතැමුන් චෝදනා එල්ල කරන්නේ ඔවුන්ට අමාත්‍ය ධුර නොලැබීම හේතුවෙන් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කවුරුන් ඇමතිවරු ලෙස පත්වුවත් කිසිසේත්ම ආණ්ඩුව දූෂිත එකක් බවට පත්වීමට ඉඩ නොතබන බවයි.
අද (10දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කිය සිටියේය.