කවුද මේ ෆීල්ඩ් මාර්ෂල්?
සිය යුද සතුරන් සමග සටන් වැද ඉන් දිනූ යුද වීරයන් පීදීම සඳහා යොදාගන්නා, යම් රටක යුද හමුදාවක පවතින තරුපහක් හිමි ඉහළම තනතුර ලෙස ෆීල්ඩ් මාර්ෂල් ධුරය සැලෙකයි. අතීත බ්‍රිතාන්‍යයේ රජුගේ අසුන් බලාගන්නාගේ තනතුර සඳහා මෙම 'ෆීල්ඩ් මාර්ෂල්' යන නාමය වෙන්වී තිබුණද, එම තැනැත්තා හට ඉහළ වගකීමක් මෙන්ම උසස් බලතල ද පිරිනැමී තිබූ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි.
ඒ අනුව අතීතයේ පටන්ම මෙම තනතුර පිළිබඳව ඉහළ පිළිගැනීමක් මෙන්ම ගරු කිරීමක්ද ලොව පුරාම පැවති බව පැවසෙයි. ඉතාමත් කලාතුරකින් පිරිනැමෙන මෙම ධුරය මේ දක්වා ලොව පුරා 200 දෙනෙකුට හිමිව තිබේ. ඒ අතරින්ද සැලකිය යුතු පිරිනැමීම් ප්‍රමාණයක් රජවරුන්, රාජකුමාරවරුන් මෙන්ම හමුදාමය පාලකවරුන් බවට පත්වූ පිරිස් වෙත ලබාදීමද විශේෂත්වයකි. මෙම සම්මානයම ගුවන් සහ නාවික හමුදාවන්හි දක්ෂතා පෙන්වූ සෙනෙවියන්ටද ලබා දෙන අතර, ගුවන් හමුදාවේදී එය ගුවන් හමුදා මාර්ෂල් ලෙසත්, නාවික හමුදාවේදී මහ අද්මිරාල් ලෙසත් නම් වෙයි.
මේ දක්වා රටවල් රැසකදීම පිරිනමා ඇති මෙම ෆීල්ඩ් මාර්ෂල් ධුරය සඳහා නම් වී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන්ද යම් යම් විවේචන පවතී. විශේෂයෙන්ම නේපාලය තුළ රජකම් දැරූ බිරේන්ද්‍ර, මහේන්ද්‍ර සහ ගයේන්ද්‍ර යන රජවරුන් එරටදී මෙම ෆීල්ඩ් මාර්ෂල් ධුරයෙන් පිදුම් ලබා තිබේ.
එසේම යුගෝස්ලාවියාවේ මාෂල් ටිටෝ, ඉතාලියේ බෙනිටෝ මුසෝලිනි සහ උගන්ඩාවේ ඉඩි අමීන් වැනි ලොව කුප්‍රකට ඒකාධිපති හමුදා පාලකයන්ටද මෙම ධුරය හිමිව ඇත. මීට අමතරව පාකිස්තානයේ අයුබ් ඛාන්, ඉරාකයේ ෆයිසාල් සහ ජෝර්දානයේ අබ්දුල්ලා කුමරුන්ද මෙම ෆීල්ඩ් මාර්ෂල් ධුරය හිමිකරගෙන ඇත. විශේෂයෙන්ම වෙනත් රටවලට වඩා මැදපෙරදිගදී මෙම තනතුර පිරිනැමීම බහුලවම දැකගත හැකි තත්ත්වයක්ද දක්නට තිබේ.
අසල්වැසි ඉන්දියාවේදී යුද සෙන්පතියන් දෙදෙනකු සඳහා මෙම ෆීල්ඩ් මාර්ෂල් ධුරය හිමිව තිබෙන අතර, 1973 දී පුදදුන් සෑම් මනික්ෂෝ ඉන්දියාවේ මෙන්ම ලෝකයේද සුප්‍රසිද්ධ චරිතයකි. අදින් වසර 75කට පමණ පෙර සිට ජර්මනිය සිය යුද සෙන්පතියන් වෙනුවෙන් මෙම ෆීල්ඩ් මාර්ෂල් ධුරය පිරිනැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව එරට හමුදා නිලධාරියෙකුට හිමිවෙන ඉහළම සම්මානනීය නිලය බවටද මෙය පිළිගැනීමට ලක්ව ඇත.
චීනය තුළ දස දෙනෙකු මේ දක්වා එම තනතුර සඳහා පත්ව තිබෙන අතර, ඔස්ට්‍රේලියාවේ දී එය 03 දෙනෙකු බව පැවසෙයි. ඊජිප්තුවේදී නම් දෙනෙකු සඳහා ෆීල්ඩ් මාර්ෂල් ධුර ලබා දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

