කලුතර අතිරේක මහේස්ත්‍රාත් වයි.එස්. ද සිල්වා මහතා ගමන් ගත් මෝටර් රථය ගාල්ල බලා ගමන්කරමින් තිබූ සමුද්‍රදේවී දුම්රියේ ගැටී අනතුරකට ලක්ව තිබේ. ඊයේ (12දා) මෙම අනතුර සිදුව ඇති අතර එයින් තුවාල ලැබූ අතිරේක මහේස්ත්‍රාත්වරයා හා තවත් දෙදෙනෙකු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර තිබේ.
සුනිල් තන්ත්රිආරච්චි