කලාපීය බිම් බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ඇමෙරිකාවේ සහාය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයෙහි (USPACOM) කණ්ඩායමක් ඊයේ (14දා) යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හා පැවැති සාකච්ඡාවකදී මේ බව පවසා ඇත.
ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයෙහි උපාය මාර්ගික සැලසුම්කරණ සහ ප්‍රතිපත්ති නියෝජ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජෙනරාල් මාර්ක් ඩබ්ලිව්. ගිලට් සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුලු නියෝජිතයින් සිව් දෙනෙකු මෙම හමුවට එක්ව තිබේ.
2020 වන විට බිම් බෝම්බවලින් තොර රටක් බවට පත්වීම ශ්‍රී ලංකාවේ අරමුණයි.