කලා වැව අවට පාරිසරික කලාපය ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත 23 වන ජාතික උද්‍යානය වශයෙන් කලා වැව ජාතික උද්‍යාන ලැයිස්තුවට එක්වනු ඇති.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, කලා වැව සහ බළලු වැව ආශ්‍රිතව ව්‍යාප්තව ඇති ජල පෝෂක ප්‍රදේශයේ පවත්නා ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම මෙහි අරමුණක් බව ය.එකී සංවේදී වූ පරිසර පද්ධතීන් ස්වකීය වාස භුමිය කොට ජීවත් වන වන අලි ඇතුන් ප්රමුඛ වනජීවීන්ගේ පැවැත්ම තහවුරු කිරීම ඇතුළු කරුණු කිහිපයක් ද මුල් කර ගනිමින් මෙම පියවර ගැනෙණු ඇති.
ඒ අනුව කලා වැව ජාතික උද්‍යානයක් ලෙස නිල වශයෙන් නම් කිරීම අද සිදු කිරීමට නියමිත ය.