අයහපත් කාලගුණ තත්ත්වය නිසා කල් දැමූ විභාග 03ක් පැවැත්වීමට දින තීරණය කර තිබේ
මේ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර රියදුරු උපදේශකයන් ලියාපදිංචි කිරීමේ තරග විභාගය ලබන මස 09 වැනි දිනත්, රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය ජූලි මස 22 වැනි දිනත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ අතර රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය ජූලි 23 වැනි දින පවත්වන බවත්, මෙම විභාගවලට අදාළ නව ප්‍රවේශ පත්‍ර ඉදිරියේදී නිකුත් කරන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.