මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වර්තාව සහ බරපතළ දූෂණ, වංචා ජනාධිපති කොමිෂන් සභා වාර්තා සම්බන්ධ විවාදය පළාත් පාලන මැතිවරණයට පෙර පෙබරවාරි 08 වැනිදාම පැවැත්වීමට අවශ්යනම්එය එදින සියලුම රුපවාහිනී සහ ගුවන්විදුලි නාළිකාවල සජීවීව විකාශය කරන ලෙස පක්ෂනායකයන්ට යෝජනාකිරීමට මැතිවරණ කොමිසම තුළ සාකච්ඡාවක් සිදුව ඇතැයි 'අද' පුවත්පතට වාර්තාවෙයි.
එසේ සජීවීව විකාශය කරන්නේනම් එම පාර්ලිමේන්තු විවාදය සම්පූර්ණයෙන්ම විකාශය කළ යුතුව තිබේ. එමෙන්ම එම විවාදය පසුව ප්රවෘත්ති විකාශයන් සඳහා යොදාගැනීමට නොහැකි වන අතර, පුවත්පත් තුළද පළකිරීමට නොහැකිය.
එම තීරණයට පක්ෂ නායකයන් එකඟ නොවුවහොත් මැතිවරණය දින කිහිපයක් කල් දැමීමට සිදුවන බවද මැතිවරණ කොමිසම තුළ නිල නොවන මට්ටමින් සාකච්ඡාවට ලක්ව ඇතැයි වාර්තාවේ.
එසේ නොවුණහොත් විවාදය 08 වැනිදා නොපවත්වා මැතිවරණයෙන් පසු දිනකට කල් තැබීම ද තවත් යෝජනාවක් බවටද එහිදී සාකච්ඡාවී තිබේ.
කෙසේවුවද ජනතාව සහ දේශපාලඥයින් දීර්ඝ කාලයක් බලා සිටි මෙම මැතිවරණය දිනකින් හෝ කල්දැමීමට මැතිවරණ කොමිසමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති අතර, පෙබරවාරි 10 වැනිදාම මැතිවරණය පැවැත්වීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගැනීමටද මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම ඡන්ද විමසීමට බාධාවක් නොවන බවත්, මැතිවරණයේ නිහඬ කාලය තුළ එය යෙදීම එකම අපහසුතාව වූ බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කර තිබිණි.
කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා සහ එහි සාමාජිකයන් වන නලින් අබේසේතර සහ රත්නජීව එච්. හූල් මහත්වරුන් අද(30දා) දිනයේදී කථානායක කරු ජයසූරිය මහතා සහ පක්ෂ නායකයන් හමුවී මේ සම්බනධයෙන් අවසන් නිගමනයන් පිළිබඳව දීර්ඝව සාකච්ඡාකර එකඟතාවකට පැමිණීමට නියමිතව තිබේ.