කල් ඉකුත් නොවුණත් භාවිතයට නුසුදුසු පැරසිටමෝල් හම්බන්තොට
මේ දිනවල සීඝ්රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ වූ පැරසිටමෝල් රෝහල් සඳහා ලැබී ඇති තොග භාවිතයට නුසුදුසු බව වාර්තා වේ .
වසරේ මුල් කාර්තුව සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් වෙත දිස්ත්‍රික් ඖෂධ බෙදා හැරීම් අංශයෙන් එවන ලද කල් ඉකුත් වූ දිනය 2019.09 මාසය ලෙස සටහන් වී මෙම ඖෂධ තවමත් නිෂ්පාදිත දිනයේ සිට මාස හයක් හෝ ගත වීමට මත්තෙන් කලු හාදුඹුරු පැහයක් ගෙන තිබේ.
මේ පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ඖෂධවේදිනිය වන ලීලා පනන්ගල මහත්මියගෙන් විමසීමක් කළේමු.
'' මේ ආකාරයෙන් භාවිතයට නුසුදුසු පැරසිටමෝල් ලැබී ඇති බවට , රන්න , තිස්සමහාරාම, කිරම, වලස්මුල්ල රෝහල්වලින්ද වාර්තාවීමත් සමග අපි එම බෙහෙත් ලබාගෙන තත්ත්ව පරික්ෂා සදහා ඖෂධ තත්ත්ව ප්‍රමිති ආයතනය වෙත යවා තිබෙනවා.
නමුත් ඒ සම්බන්ධයෙන් තාම වාර්තාවක් අපට ලැබී නැහැ. ඒ වෙනුවට වෙනත් ආයතයකින් ලබා ගන්න බෙහෙත් රෝහල් වෙත යවා තිබෙනවා.”
එමෙන්ම එවන ලද බෙහෙත් තොගයන් තුළ ලකුණු කර ඇති ප්‍රමාණයට අඩුවෙන් බෙහෙත් පවතින බවත් නිදසුන් ලෙස ඇමොක්සිලින් කරල් 1000 කින් යුත්ත විය යුතු අසුරනයක් තුළ කරල් 900 ක් වැනි අඩු ප්‍රමාණයක් ඇති බවත් වාර්තාවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

