කොළඹ නගර සභාවේ පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල තැබීමට බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන හා ප්රජාතන්ත්රීය පාලන පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා අද (12දා) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී නගර සභාවේ වෘත්තීය සමිති සහ සේවකයෝ පිරිසක් එක්ව ඊට විරෝධය පළ කළහ.
මෙතෙක් කලක් වෘත්තීය සමිති පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල කඩා දමා නව ගොඩනැගිල්ලක් ඉදිකරන බවත්, තමන්ට නගර සභා භූමියෙන් ඉවත් වන්නැයි නගරාධිපතිවරයා සහ කොමසාරිස්වරයා දැනුම් දී ඇති බවත් මෙහිදී ඔවුහු පැවසූහ.
කලුපටි බැඳ, විරෝධතා පුවරු රැගෙන සේවක පිරිස් විරෝධය පළ කරන අතරතුර පොලීසිය සහ නගර සභාවේ ආරක්ෂක අංශ සාමාජිකයන් ඊට බාධා එල්ල විය.