එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 2009 වසරේ මැයි මාසයේදී ශ්රී ලංකා හමුදාවන් වෙත බාරවීම පිටුපස හිටපු තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි හා ඔහුගේ දියණිය වන පාර්ලිමේන්තු මන්ත්රී කනිමෝෂිගේ සිදුකළ කාර්යයන් පිළිබඳ නිහඩතාවය බිඳින ලෙස උතුරු පළාත් මන්ත්රිනී ඇන්තනී සසිදරන් සඳහන් කරයි.
ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය මෙම අදහස් දක්වා තිබේ. "2009 වසරේ මැයි මස 16 දා කනිමෝෂි හා කළ සංවාදයකින් අනතුරුව මගේ ස්වාමියා හමුදාවට බාර වෙන්න තීරණය කළා. මම මේක කියන්නේ පළමු අවස්ථාවට නෙමෙයි. සැටලයිට් හරහා කතා කළාට පස්සේ ඔහුට හමුදාවට බාරවෙන්න කියලා ඇය කිවුවා කියලත්, පසුව නිදහස් කර ගැනීමට කටයුතු කරන බවට ඇය කිව්වා කියලත් ඔහු මට කීවා" යැයි ඇය සඳහන් කරයි.
ඇන්තනී සසිදරන් එල්.ටී.ටී.ඊ. ත්රිකුණාමලය දේශපාලන අංශ නායකයාව සිට වේලායුදන් සසිදරන්ගේ බිරිඳයි.