එංගලන්තයේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ හෘද සැත්කම් සිදු කරන සුදුසුකම් සම්පූර්ණ කර නොමැති විදෙස් වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව විරෝධතාවක් දැක්වුවද ඒ සම්බන්ධව මෙතෙක් කිසිම පියවරක් ගෙන නොමැති බවත් මේ හේතුවෙන් එම වෛද්‍යවරයාගෙන් හෘද සැත්කම් සිදු කරගන්නා රොගීන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව අද (17දා) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය.
ඔවුන් සඳහන් කරන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ හදවත් සැත්කම් සඳහා පැමිණෙන වෛද්‍ය ආර්.කේ.පර්මින් නමැති එංගලන්ත වෛද්‍යවරයාට එංගලන්ත වෛද්‍ය සභාව නිකුත් කරන බලපත්‍රය (license to practice) නොමැති බවයි. ඔහුට එම බලපත්‍රය 2015 වර්ෂයෙන් පසු ලැබී නොමැති බවත් දැනට එම වෛද්‍යවරයා විශ්‍රාම ලබා ඇති බවත් 67 වැනි වියේ පසුවන බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම මාධ්‍ය සාකච්ඡාවේදී පවසා සිටියේය.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට, උඩුගම රවී ලියනගේ
ගාල්ල සිරංගිකා ලොකුකරවිට, උඩුගම රවී ලියනගේ