කරාපිටිය ශික්ෂණ රෝහලේ සතියකට 20ක් පමණ සිදු කළ හෘද සැත්කම් මේ වනවිට සිදු කරන්නේ සතියකටම දෙකක් පමණක් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ ප්‍රධානි විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා පවසයි.
මේ වනවිට කරාපිටිය රෝහලේ සැත්කම් වලට භාජනය කළ යුතු හෘද රෝගින් 2000කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි සිටියි.
සැත්කම්වලට භාජනය කරන රෝගීන්ගේ බලවත්ම ඉල්ලීම නිසා මේ තරමින් හෝ සැත්කම් සිදුකරන බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා සඳහන් කරයි. රෝගීන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරන ලෙස බලධාරීන්ගෙන් කළ ඉල්ලීම් නිසියාකාරව ඉටුවී නැති බවද වාර්තාවෙයි.
රවීන්ද්‍ර ශ්‍රී ලාල්