ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ආපන ශාලාව තුල ඊයේ (12) රාත්‍රි 11.10ට පමණ හදිසි ගින්නක් ඇතිවිමෙන් ආපන ශාලාවට දැඩි ලෙස හානි වි ඇත.
ආපන ශාලාව ආසන්නයේ තිබු පාරිභෝගික ශල්‍ය උපකරණ ගබඩාවටද ගින්නෙන් හානි වි තිබේ.
එම ගබඩාවේ තිබු සිරින්ජර්, අතුවැසුමි ඇතුළු ශල්‍ය උපකරණ වලට ගින්නෙන් ඇති වු රස්නය නිසා හානි වි ඇත. ගින්න ඇතිවන අවස්ථාවේ ආපන ශාලාවේ මුළුතැන් ගෙයිතුල ආපන ශාලාවේ සේවකයින් තිදෙනෙකු සිට තිබේ.
ඔවුන් නිදියහනේ සිට ඇති අතර මුළුතැන්ගෙයි දොරවල් කඩා එම පුද්ගලයින් තිදෙනා බෙරාගෙන ඇත. මොවුන්ට කිසිදු අනතුරක් වි නැත.
ගිනි ගැනිමෙන් වු හානිය පිළිබඳ තවම තක්සේරුවක් සිදුකර නැත.
ජිනේෂ් නානායක්කාර