අනුරාධපුර සමාජශාලා හිමිකරු ඝාතනය සැලසුම් කළ සැකකරු රටින් පිටවීම තහනම් කරමින් පොලීසිය අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.
මීට අමතරව සිද්ධියට අදාළව අද (29දා) සවස නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මේ අනුව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම පිරිසෙන් 22 ක් රිමාන්ඩ් බන්ධානාගාර ගත කිරීමට මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.