තමන්ට දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වීමට බුද්ධ ශාසන හා ප්රජාතන්ත්රීය පාලනය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා තීරණය කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන අතර පසුගියදා එම පක්ෂයෙන් මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර ලබාදීමේදී කරල්ලිද්ද මහතාට නියෝජ්‍ය අමාත්‍යධුරයක් හිමිවිය.
නමුත් ඔහු එම ධුරයේ වැඩ බාර නොගත් අතර තමන්ට අමාත්‍යධුරයක් හිමිවිය යුතු බවට සිය ඡන්ද දායකයන්ගේ කැමැත්ත වූ බවද ඔහු ප්‍රකාශ කළේය.