කොළඹ නගරයේ එකතු වන කැළි කසළ කරදියාන ප්‍රදේශයට ගෙනවිත් දැමීම නවතා දමන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයේ නඩු පවරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
කොළඹ ප්‍රදේශයේ එකතු වන කැළිකසළ කරදියාන ප්‍රදේශයට බැහැර කිරීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවට විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණදීමට සිදුවන බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
කරදියාන ප්‍රදේශයට අද (19දා) කැළි කසළ බැහැර කිරීමට ට්‍රැක්ටර් රථ හා ලොරි රථ පැමිණියද ඒ සඳහා අවස්ථාව ලබා නොදුන් බවත්, ඉදිරියේදීද ඒ සඳහා ඉඩ ලබානොදෙන බවද හෙතෙම පවසා සිටියේය.