හලාවත කම්කරු උසාවියේ නීතිඥයින් හමුවීමට ගිය බව කියන ව්‍යාපාරිකයෙක්ගේ සිරුරක් මැරවල කලපුවෙන් ඊයේ (31දා) සොයාගෙන තිබේ.
සඳලංකාවේ ව්‍යාපාරිකයෙක් සිය බිරිඳ හා දරුවන්ද සමග පසුගිය සිකුරාදා කම්කරු උසාවියට ගොස් තිබෙන අතර දරුවන් හා බිරිඳ වාහනයේ දමා ඔහු උසාවියට ගිය බව පැවසේ.
නමුත් ව්‍යාපාරිකයා නැවත නොපැමිණ ඇති අතර ඒ අනුව ඔහුව සිකුරාදා දිනයේදීත්, සෙනසුරාදා දිනයේදීත් සෙවුවත් හමුවී නොමැත.
පසුගිය සෙනසුරාදා මේ සම්බන්ධයෙන් බිරිඳ පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත් ව්‍යාපාරිකයාගේ සිරුර ඊයේ (31දා) මැරවල කලපුවෙන් ගොඩගසා තිබුණි.
පන්නල හේමා රාජපක්ෂ