පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා ඇතුලු දුත පිරිසක් අද (25දා) පස් දින නිල සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.
පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබදව මෙන්ම 2013 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේදී ස්ථාපිත කරගත් අරමුණු කොතරම්දුරකට ඉටුකර ගත තිබේද යන්න පිළිබඳව එහි සභාපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට නියමිතය.
විදේශ අමාත්‍යවරයා, කථානායකවරයා හා දේශපාලන පක්ෂ නියෝජිතයින්ද හමුවී සාකච්ඡා කිරීමටත් කමලේෂ් ශර්මා මහතා මෙම සංචාරයේදී බලාපොරොත්තු වෙයි.