නායයාමේ අවදානම දිගින් දිගටම පවතින ප්‍රදේශයන්හි ගස් කැපීම, කඳු ඉඩම් එළිපෙහෙළි කර තේ වැවීම, බැකෝ රථ යොදා ගනිමින් මැණික් ගැරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසූයේ පෙරේදා (03දා) රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති රත්නපුර ආසනයේ ආපදා ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
ආපදාවට ලක්වූ ජනතාව තමන්ගේ නිවෙස්වලට නැවත පැමිණෙමින් සිටින අතර, ඔවුන්ට අවශ්‍ය සියලු දේ ඉතා කඩිනමින් ලබාදීම සිදුකළ යුතු බවත්, හානියට පත්වූ නිවාස සඳහා රජයෙන් උපරිමය රුපියල් ලක්ෂ 25ක්වූ මුදලක් ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ වනවිට රත්නපුර නගරය අවට සහ රත්නපුර දිස්ත්‍රික්කය පුරාවට කඳු පංති ගණනාවක් නායයාමේ අවදානමක් ඇති අතර, මේ සඳහා මුහුණදීම සඳහා අවශ්‍ය කටයුතු සහ නැවත වරක් රත්නපුර නගරය ජලයෙන් යටවිය හැකි හෙයින් එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා යෝජිත කළු ගග ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යෝජනා රජයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.