පෞද්ගලිකව නීතීඥ වෘත්තීයේ යෙදුණු රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරු ධුරයෙන් වහාම කි්රයාත්මක වන පරිදි ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට අධිකරණ සේවා කොමිසමට බලකිරීම ඇතුළු යෝජනා පහක් අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) විසින් සම්මත කරගෙන ඇත.
රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරු ධුරයේ කටයුතු කිරීමෙන් යළි පිරිමසාලිය නොහැකි හානියක් සිදුවිය හැකි බව පෙන්වා දෙන අධිකරණ සේවා සංගමය ඒ මහතා මහාධිකරණ විනිසුරු ධුරයෙන් ඉවත් කරනතුරු ඔහු එම තනතුරේ කටයුතු කිරීමෙන්ද ඉවත් කරන ලෙසද එලෙස සම්මත කරගන්නා ලද යොජන පහ අතර වේ.
රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරු ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවැති මෙම සාකච්ඡාව අවසානයේදී කන්නන් මහතා මහාධිකරණ විනිසුරු ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ ඉදිරිපත් වු යෝජනා පහක් එකමතිව සභා සම්මත විය.