කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ අබලි ද්‍රව්‍ය මිලදී සදහා වූ රුපියල් මිලියන 540 ක වැඩිම ලංසුවක් තබා එම ටෙන්ඩරය හිමිකරගත් මීරිගම ලංකා ඉන්ඩස්ට්‍රීස් සමාගම එම ටෙන්ඩරයෙන් ඉවත්ව තිබේ.
ඔවුන් ප්‍රකාශ කරන්නේ ඇතිවූ බලපෑම් අනුව මෙම ටෙන්ඩරයෙන් ඉවත්වූ බවයි. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුගේ බලපෑම අනුව එම සමාගම ටෙන්ඩරයෙන් ඉවත් වී ඇති බවයි.
එසේම මීරිගම සමාගම ඉඩම් අමාත්‍යාංශයට යොමුකළ ලිපියකින්ද ඒ සම්බන්ධයෙන් ලිපියක් යොමුකර තිබේ.