මහනුවර - කුරුණෑගල මාර්ගයේ ගලගෙදර නගරයේදී කුරුණෑගල දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක තිරිංග ක්රියා විරහිත වීම හේතුවෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 20ක් තුවාල ලබා ගලගෙදර හා පේරාදෙණිය රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
කන්ටේනර් රථය ධාවනය වූ දිශාවටම ධාවනය වූ ලංගම බස් රථයක්, පුද්ගලික බස් රථයක් හා ත්රිරෝද රථ තුනක කන්ටේනරය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම සිද්ධියෙන් තුවාල ලැබූවන් අතර කාන්තාවන් 7ක් හා පිරිමි පුද්ගලයන් 13ක් සිටින බවට වාර්තාවේ.