යාපනය කන්කසන්තුරෙයි මයිලිටි වරායේ නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අද (18දා) හදීසියේම ගිනිගෙන විනාශ වී ඇති බව කන්කසන්තුරෙයි පොලීසිය පවසයි.
මෙම නෞකාව පරිහරණය නොකෙරෙන අතර කාර්මික දෝෂයක් හේතුවෙන් වසරක පමණ කාලයක් පුරාවට අතහැර දමා ඇති බවත් අදාළ නැව ලංකාවේ ව්‍යාපාරිකයෙකුට අයත් ඉන්දියාවේ සිට උතුරට සිමෙන්ති ප්‍රවාහනය කර ඇති බවත් අනාවරණය වී තිබේ.
කාර්මික දෝෂයක් හේතුවෙන් නෞකාවේ ගමන් කටයුතු නවතා දමා ඇති අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
කන්කසන්තුරෙයි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.