කන්කසන්තුරය මුහුදු වෙරළේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 153.1ක් නාවික හමුදාව විසින් අවස්ථා දෙකකදී සොයාගෙන තිබේ.
එක් අවස්ථාවකදී කිලෝ 55.4ක් හා තවත් අවස්ථාවකදී කිලෝ 97.7ක් මෙසේ නාවික හමුදාව සොයාගෙන ඇත.
සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.
ඊයේ (19දා) දින මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති එවා වැඩිදුර විමර්ශනය සඳහා කන්කසන්තුරය පොලීසියට බාරදී ඇත.