පස්සර, නමුණුකුල, කනවරැල්ල දෙමළ විද්‍යාලයේ සිසුන් 30 දෙනෙකු අද (14දා) උදෑසන හිටිහැටියේ රෝගාතුර වීම නිසා නමුණුකුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පස්සර පොලීසිය පවසයි.
1 සිට 9 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙසේ රෝගාතුර වී ඇත.පාසලේදී උදෑසන ආහාරයට ලබාදුන් බත්, අල සහ කඩල මිශ්‍ර ආහාර අනුභව කිරීමෙන් පසුව සිසුන්ටවමනය හා බඩේරුදාව ඇතිවූ බව දෙමාපියන් පවසයි. පෞද්ගලික සැපයුම්කරුවෙකු විසින් මෙම ආහාර සපයා ඇත.