සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව ලබාදීමට නොහැකිවූ කථානායකවරයා අස්වී ගෙදර යා යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17දා) පැවසීය.
අද දිනයේදී බැඳුම්කර වාර්තාවේ පිටපත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නොලැබුණු බවත්, මීට පෙර ලබාදුන් පොරොන්දුව ඉටුකිරීමට කථානායකවරයාට නොහැකිවූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනා ඉෂ්ට කිරීමට පමණක් කථානායකවරයා උත්සුක වන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කථානායකවරයා සැලකිලිමත් නොවන බවද අබේවර්ධන මහතා පවසා සිටියේය.