ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ ක්රියා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ තම කණ්ඩායමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා යම් පුද්ගලයෙක් තමාට දුරකථනයෙන් මරණ තර්ජනය කළා බව කථානායක කරු ජයසුරීය මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා ඒකාබද්ධ විපක්ෂය ස්වාධීනව කටයුතු කිරීම පිළිබදව කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී, කථානායකවරයා විසින් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී මේබව පැවසීය.
තමා තර්ජනයට හෝ අපහාසවලට කිසිලෙසකින් හෝ වෛර නොකරන බවත් මරණ තර්ජන වලට බිය නොවන බවත් තමාට දරාගැනීමේ ශක්තිය තමාට හැකියාව ඇති බවත් කරු ජයසුරිය මහතා ප්රකාශකළේය.