පාර්ලිමේන්තු සභා ගර්භය තුළ හැසිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආදර්ශවත්ව හැසිරිය යුතු බවට කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද (23) අවවාද කළේය.
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහත්වරුන් අතර ඇතිවූ සංවාදයේදී මන්ත්‍රීවරුන් උණුසුම් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් කථානායකවරයා මේ බව කීය.
“මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී හැසිරෙද්දී කතා කරද්දී ආදර්ශවත් වෙන්න. උඩබිම බලලා කතා කරන්න* යැයි කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
මේ අවස්ථාවේදී මහජන ගැලරිය පාසල් සිසු සිසුවියන්ගෙන් පිරී පැවතුණි.