නව පාර්ලිමේන්තුවේ කථානායකවරයෙකු පත්කරගන්නා තුරු මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඕනෑම ස්ථානයක අසුන් ගැනීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පැවසීය. හෙට(01) පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරැව කථානායකවරයෙකු පත්කරගැනීමට නියමිතය මේවනවිට පාර්ලිමේන්තුව ආරම්භයේ අසුන් වෙන් කර ඇත්තේ ජනාධිපති, අගමැති සහ දැනට දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් තිදෙනාට පමණය. අනිකුත් අමාත්‍යවරුන් මේවනතෙක් පත්කර නොමැතිබැවින් ඒ කිසිවකුය අසුන් වෙන්කර නොමැත.