ලෝක අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 167 වැනි මහා සමුළුව නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කථානායක කරු ජයසූරිය මහතා ප්රමුඛ නියෝජිත පිරිසක් සැම්බියාවේ ලුසකා නුවර බලා පිටත්ව ගොස් තිබේ.
ලොව රටවල් 167 ක කථානායකවරුන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයන් 2000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ. ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසට රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, නියෝජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කෝඩීෂ්වරන්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන පිරිස ඇතුළත් වෙති.
මෙවර අන්තර් පාර්ලිමේන්තු සංගම් සමුළුවේදී මානව හිමිකම් ප්‍රවර්ධනය, අන්තර් පාර්ලිමේන්තු සහයෝගිතාව, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සඳහා කාන්තා දායකත්වය, තරුණ දායකත්වය යනාදී විෂය ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි පුළුල් අවධානය යොමු කරනු ඇත.
මෙහිදී සාමාජික රටවල විවිධ වකවානුවලදී ඝාතනයට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග හා පරීක්ෂණවල ප්‍රගතියද විමසා බැලීමට නියමිතය.
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ජෝසප් පරරාජසිංහම්, නඩරාජා රවිරාජ්, ටී.මහේෂ්වරන්, ද.මු. දසනායක යනඝාතනයට ලක්වූ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහිද මෙහිදී අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂිතය.