මැදපෙරදිග කලාපයෙන් යුරෝපයට ඇදී එන දසදහස් ගණන් සංක්‍රමණිකයන්ට වාසස්ථාන ලබාදෙමින් ඔවුන්ට දයාව දක්වන ලෙස ෆ්‍රැන්සිස් පාප්වහන්සේ යුරෝපය පුරා විසිරී ඇති කතෝලික පල්ලිවලින් ඉල්ලා සිටිති.
ෆැන්සිස් පාප් වහන්සේ රෝමයේදී ඉරිදා දේවමෙහෙයට සහභාගි වෙමින් මෙසේ අදහස් දක්වා ඇති බව සී.එන්.එන්. පුවත් සේවය පවසයි.
යුරෝපය පුරා විසිරී ඇති ආගමික මධ්‍යස්ථාන එක් සංක්‍රමණික පවුලක් හෝ භාරගැනීමට කටයුතු කරමින් ඔවුන්ට නිවහනක් වන ලෙස පවසන පාප් වහන්සේ වතිකානුවෙන්ම ඒ ආදර්ශය ලබාදෙන බවද පවසා සිටිති.