කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ බලය පොලීසියට පාවාදී ඇතැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (05දා) පැවසීය.
මේ තත්ත්වය තුළ ප්රජාතන්ත්රවාදයට දැවැන්ත අනතුරක් සිදුව ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ මන්ත්‍රීවරයා, නීතියේ මුවාවෙන් ප්රජාතන්ත්රවාදයට විරුද්ධව වැඩපිළිවෙළක් ගොඩනැගෙමින් තිබෙන බවත්, කථානායවරයා එහි හවුල්කරුවෙකු වී ඇති බවද පවසා සිටියේය.