නවසීලන්ත පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුර උණුසුම් වාදයක පැටලුණු එරට අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා සභා ගර්භයෙන් ඉවත් කිරීමට කතානායකවරයා කටයුතු කර තිබේ.
අගමැතිවරයා විපක්ෂ මන්ත්‍රීවරයෙකු සමග මෙම උණුසුම් විවාදයේ පැටලී සිටියදී කතානායකවරයා මෙම තීන්දුව ගෙන ඇත්තේ, තම බාධා කිරීමද නොතකමින් අගමැතිවරයා දිගින් දිගටම විවාද කිරීම නිසාවෙනි.
|
ජෝන් කී මීට පෙර විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරද්දීද තුන් වතාවක් සභාගර්භයෙන් ඉවත් කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
|
පැනමා ලිපිගොනු හා මූල්‍ය වංචාවන් පිළිබඳව එරට පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුර මෙම සිදුවීම සිදුව ඇත.
අගමැතිවරයා හෝ යම් මන්ත්‍රීවරයෙකු මුලසුනට අවනත නොවන්නේ නම් ඔහු හෝ ඇය සභාවෙන් ඉවත් කළ යුතු බව නවසීලන්ත කතානායකවරයා පවසා ඇති අතර, ජෝන් කී මීට පෙර විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරද්දීද තුන් වතාවක් සභාගර්භයෙන් ඉවත් කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.