කතානායක කරූ ජයසූරිය මහතා අද(12) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට අවවාද කළේය.
ඒ, වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වටයේදී ඇතිවූ සංවාදයකදී කාථානායක තීන්දුව ගම්මන්පිළ මහතා පිළිනොගැනීම හේතුවෙනි.
ගෝලීය දෙමල සංසදය සහ තවත් සංවිධාන කිහිපයක තහනම ඉවත් කර ඇත්දැයි උදය ගම්මන්පිල මහතා යොමු කළ ප්‍රශ්නයකට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පිළිතුරු ලබාදුන්න් අතර එයින් සෑහීමකට පත්නොවන බව ගම්මන්පිළ මහතා පැවසීය.
අනතුරුව අතුරු ප්‍රශ්න වටයේදී අතුරු ප්‍රශ්න තුනක් ඇසීමට කථානායක කරූ ජයසූරිය මහතා උදය ගම්මන්පිල මහතාට අවස්ථාවක් ලබාදුන්නද ඒඅවස්ථාව හෙතෙම කරුණු පැහැදිලි කිරීමට යොදාගත්හෙයින් ප්‍රශ්න දෙකක් ඇසීමට තිබුකාලය අහිමි විය. මේඅවස්ථාවේදී කථානායකවරයා පැවසුයේ ගම්මන්පිළ මහතාට තව එක් ප්රශ්නවාරයක් පමණක් ඉතිරිව ඇති බවය. එය පිළිනොගන්නාබව ගම්මන්පිළ මහතා පැවසු අතර එසේනම් වාඩිවනලෙස කථානායකවරයා ඔහුට අවවාදකළේය.