කතළුව දුම්රිය ස්ථානයට කඩා වැදුණු මැර පිරිසක් ඊයේ (01දා) සවස එහි සිටි දුම්රිය උප ස්ථානාධිපතිවරයාට පහර දී ඇතැයි අහංගම පොලිසිය කියයි. මෙම මැර පිරිස එම අවස්ථාවේ ස්ථානයේ සිටි මගීන් කිහිපදෙනකු ද එලවා දමා ඇති අතර දුම්රිය ස්ථානයට ද අලාභ හානි සිදුකර ඇති බව පොළිසිය සඳහන් කළේය.
පහරකෑමෙන් දැඩි කම්පනයට පත්ව සිටි ස්ථානාධිපතිවරයා දුම්රිය ස්ථානය වසා දමා සිද්ධිය සම්බන්දයෙන් පොලිසියට පැමිණිලි කර ඇත. දුම්රිය ස්ථානයේ යතුරු අහංගම දුම්රිය ස්ථානයට බාර දී ඇති බවත් ප්රහාරයට ලක් වූ ස්ථානාධිපතිවරයා රෝහල්ගතව ප්රතිකාර ලබන බවත් දුම්රිය ප්රකාශකයෙකු කීවේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අහංගම පොලිසිය පහරදීම සහ අද දිනයේ පැවැත්වෙන බස්වැඩ වර්ජනය හා සම්බන්ධයක් ඇත්දැයි සොයා බලන බවද කියයි.