කතරගම පුදබිමේ සිඟමනේ ගිය 23කු ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව කතරගම පොලීසිය පවසයි.
පොලීසිය හා කතරගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්වී කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී දැරියන් 9ක් පිරිමි දරුවන් 6ක් අත්අඩංගුවට ගත් පිරිස අතරමෙම දරුවන් සිඟමනේ යෙදවීමේ චෝදනාව මත කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මේ පිළිබඳව කතරගම පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
කතරගම සිඟමනේ ගිය 23ක් දැලේ