කතරගම දේවාලයේ දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණය අද (28දා) මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වේ.
එය අවාරණයට ගිය මාධ්‍ය වේදීන් සියලු දෙනාම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඉවත්කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා කටයුතු කළේය.
මීට ඉහතදී නිලවරණය ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාවක් ලැබුණි. මාධ්‍යවේදීන්ට එම අවස්ථාව ආවරණය කිරීමට අවස්ථාව නොදීම පිළිබඳව මාධ්‍යයේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
මේ වන විට තනතුර සඳහා තරග කිරීමට අපෙක්ෂකයන් සිවු දෙනෙක් පැමිණ තිබේ. මහනුවර ඉඳුනිල් කෞෂාල්, කතරගම ජී.ජී. කුමාරගේ, බිබිල මහසෙන් වීදියබණ්ඩාර හා බෙන්තොට රංජිත්ද මර්වින් පොන්නම්පෙරුම එම අපේක්ෂකයෝ වෙති. නිලමේ තේරීම් ඡන්ද 16කින් සිදුවේ.
රුකමන් රත්නායක