කිරිඳිවැල ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් කතරගම ගොස් එමින් සිටියදී කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය අම්බලන්තොට මිණිපුරගම ප්‍රදේශයේදී මාර්ගයේ දෙපස තිබෙන ආරක්ෂිත වැටක ගැටීමෙන් අනතුරට ලක්ව ඇත.
එම අවස්ථාවේ රියදුරා ඇතුළුව කාන්තාවන් දෙදෙනෙක්ද, පිරිමි 4 දෙනෙක්ද සිට ඇත. ඒ අතරින් අවුරුදු 61 ක් වන ජී.ඒ. හේමලතා කාන්තාව එම ස්ථානයේම මිය ගොස් තිබේ. අනිත් පිරිස හම්බන්තොට මහ රෝහලට ඇතුළත්කොට ඇත.
ඉතිරි පස්දෙනාගේම තත්ත්වය බරපතළ වන අතර, අසාධ්‍ය තත්ත්වයේ සිටි තිදෙනෙක් හම්බන්තොට මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
රාහුල් සමන්ත