කතරගමට එන බැතිමතුන් සඳහා ආප්ප රුපියල් 40 ට විකුණු හා නවාතැන් පහසුකම් සඳහා වැඩි මිලක් ගත් සියලුම ව්‍යාපාරිකයින් කතරගම පොලිසිය මැදිහත් වි නවතා දැමීමට කටයුතු කළ බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතා පැවැසීය.
ස්ථිර වෙළදුන් නොවන පිරිසක් ප්‍රදේශයේ තැන් තැන් වල ඡංගම කඩ දමා ආප්ප හා බීම බෝතල් වැඩි මිලට විකිණූ බව දැනගත් පසු කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපාලි කාරියවසම් මහතාට දැනුම් දී එවැන් වෙළදුන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන අවවාද කළ බවත් ඔහු කීවේය.
කතරගම දේවාල භුමිය තුළ නොමිලේ ආහාර හා සනීපාරක්ෂිත කටයුතු සඳහා දේවාලයේ සේවකයන් ද කතරගම හමුදා අංශ සහ කතරගම පොලිසිය මැදිහත් වි සියලු පහසුකම් සලසා ඇති බවද ඩී. පී. කුමාරගේ මහතා පැවැසීය