(UPDATE) කිරිවෙහෙර නා හිමියන් ගුවන් මගින් කොළඹට
වෙඩි තැබීමකින් තුවාල ලබා ඇති කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමයන් වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට ගෙන ඒමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව උන්වහන්සේට කොළඹ පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබාදීමට නියමිත බව වාර්තාවෙයි.
උන්වහන්සේට ඊයේ (12දා) රාත්‍රියේ වෙඩි තැබූ අතර පසුව ප්‍රතිකාර සඳහාං හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
කිරිවෙහෙර නා හිමියන්ට වෙඩි තැබීමට පැමිණි ජීප් රථය හඳුනාගනියි
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන්ට වෙඩි තැබීමට අදාළව කරන ලද පරීක්ෂණවලදී උන්වහන්සේට වෙඩි තැබීම සඳහා පැමිණි හොන්ඩා වෙසෙල් වර්ගයට අයත් up CAG 8531 සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද පෙරවරුවේ නිකු්ත් කළ නිවේදනයක දැක්වෙන්නේ සැකකරුවන් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු කිහිපයක් ඔස්සේ තංගල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා යටතේ විමර්ශන සිදුකරන බවයි.
ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් විහාරාධිපති හිමයන් හා තවත් ස්වාමීන්වහන්සේ නමක් තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.
කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට ඊයේ (12දා) රාත්‍රියේ නාඳුනන තුවක්කුරුවන් තිදෙනෙක් විසින් වෙඩි තබා ඇත. වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලද උන්වහන්සේ හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
නාහිමියන් සමග ඒ මොහොතේ සිටි සෝභිත නැමැති හිමිනමක්ද මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත. කිරිවෙහෙරේ ආගමික වතාවත් සිදුකර නැවත පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබිම සිදුව ඇත.
විෂේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ සිට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර රතු පැහැති මෝටර් රථයකින් පැමිණි වෙඩි තැබීම සිදුකර ඇතැයි මේ වන විට අණාවරණය වී තිබේ.