පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙක් මිය යෑමට විරෝධය දක්වමින් කතරගමදී අද (21දා) උදෑසන හා දහවල් කාලයේදී කළහකාරී ලෙස හැසුරුණු පුද්ගලයන් 58ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කාන්තාවන් 13ක් හා පිරිමි පුද්ගලයින් 45ක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
මාර්ගයන් අවහිර කිරීම, මාර්ගයන්ට අලාභ හානි සිදුකිරීම, පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.