කන කපාගන්නා බවට අභියෝග කළේ නෑ - දයාසිරි
අභියෝග කළේ රනිල්, කරු, සජිත් ඌවේ එකම දේශපාලන වේදිකාවකට ගෙන එන ලෙසයි
රනිල්, කරු, සජිත් එකම වේදිකාවකට ගෙන ආවොත් කන කපාගන්නා බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, තමන් කළේ රනිල්, කරු, සජිත් ඌවේ එකම දේශපාලන වේදිකාවකට ගෙනඑන ලෙසට අභියෝග කිරීම පමණක් බවත් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
රනිල්, කරු, සජිත් සජිත් එකම වේදිකාවකට ගෙන ආවොත් කන කපාගන්නා බවට තමන් ප්‍රකාශයක් සිදුකර තිබෙන බව ඔප්පු කළහොත් මහ ඇමතිකමින් ඒ මොහොතේම ඉල්ලා අස්වෙන බවද ඔහු පවසා සිටියේය.
තමාගේ අභියෝගය වී තිබෙන්නේ හරින්ගේ දේශපාලන වේදිකාවට රනිල්, කරු, සජිත් ගෙනඑන ලෙසට බවත්, මෙම අභියෝගය අදටත් වලංගු බවත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
බදුල්ලේ පැවැති පක්ෂ සම්මේලනයේදී රනිල්, කරු, සජිත් එකම වේදිකාවක සිටියද එය පක්ෂයේ සංවත්සරය බවත්, පක්ෂයේ සංවත්සරයට සියලු දෙනාම එකට එකතුවීම සාමාන්‍ය දෙයක් බවත් හෙතෙම පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

